කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහි 20 යි 20 ජය ගනී

කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහි 20 යි 20 ජය ගනී

by Staff writer 04-03-2020 | 10:41 PM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ වන විට පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ජයග්‍රහණය සඳහා ලකුණු 197 ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19 ක් අවසානයේ කඩුලු 9 ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 171 කි. කාසියේ වාසිය දිනු බටහිර ඉන්දිය කොදෙව් ක්‍රිකට් නායක කිරන් පොලාඩ් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය. ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 196 කි. ලෙන්ඩල් සීමන්ස් අර්ධ ශතකයක් වාර්තා කරමින් නොදැවී ලකුණු 67 යි. බ්‍රෙන්ඩන් කිං ලකුණු 33 කට දැවී ගිය අතර ඔන්ඩ්‍රේ රසල් ලකුණු 35 කට දැවී ගියේ ය. 500 වැනි 20 යි 20 තරගයට සහභාගී වු නායක කිරන් පොලාර්ඩ් ලකුණු 34 ක් රැස් කළේ ය. නායක ලසිත් මාලිංග, ඉසුරු උදාන, ලක්ෂාන් සඳකැන් සහ වනිඳු හසරංග එක් කඩුල්ල බැගින් දවා ගත්තේ ය. ලකුණු 197 ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 5 ලකුණු 52 කදී බිඳ වැටිණ. අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 7 යි. ශෙහාන් ජයසූරිය සහ කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා දැවී ගියේ ය. ඇන්ජලෝ මැතිව්ස්ට රැස් කරගත හැකි වුණේ ලකුණු 10 ක් පමණයි.