by Staff writer 28-02-2020 | 7:47 AM
COLOMBO (News 1st) : ලොව ප්රමුඛ පෙළේ පා පැදි සවාරියක් වන මැද පෙරදිග පා පැදි සවාරියේ තවත් අදියර දෙකක් ඉතිරිව තිබියදී , එම සවාරිය නවතා දැමීමට සංවිධායකයින් පියවර ගෙන තිබේ.
ඒ එම පාපැදි සවාරියේ සංවිධායකයින් දෙපලකට නව කොරෝනා වෙරසය අසාධනය වී ඇති බවට සනාථ වීමෙන් පසුවයි.
ලොව ප්‍රධාන පෙළේ පා පැදි ධාවකයින් රැසක් සහබාගී වන මැද පෙරදිග පාපැදි සවාරිය පසුගිය පෙබරවාරි 23 වනදා ආරම්භ විය.
දින 6 ක් පුරා ක්‍රියාත්මක වීමට සූදානම්ව සිටි පා පැදි සවාරිය ඊයේ දිනයේදී නවතා දැමීමට සංවිධායකින් තීරණය කර තිබෙන්නේ සවාරියේ සංවිධායක මණ්ඩලයේ සිටින ඉතාලි ජාතික දෙපළකට නව කොරෝනා වෛරසය අසාධනය වී ඇති බවට සනාථ වූ පසුබිමකයි.
තරගාවලියට එක්වන තරගකරුවන්ගේ ආරක්ෂවා පිළිබඳව සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බව අබුඩාබි ක්‍රීඩා කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ලොව සුපිරි පාපැදි ක්‍රීඩකයින් වන මහා බ්‍රිතාන්‍යයේ ක්‍රීස් ෆෘම් සහා ඇඩම් යේට්ස්ව මේ වන විටත් නව කොරෝනා වෛරසය අසාදනය වී ඇති දැයි නිරීක්ෂනය කීරීම සඳහා පරීක්ෂණ වෙත යොමුකර ඇති බවයි.
මැද පෙරදිග පාපැදි සවාරිය නවතා දැමීම පිළිබඳව කනගාටු වන බවත් , නමුත් ක්‍රීඩකයින්ගෙන් හා මහජනතාවගේ ආරක්ෂවා පිළිඳබව සිතා මතා මෙම තීරණය ගැනීම යහපත් කරුණක් බවත් මේ පිළිබඳව අදහස් දක්වමින් ක්‍රිස් ෆෘම් සඳහන් කළේ ය.
එක්සත් අරාබි එමීර් රාජ්‍ය සෞඛ්‍ය බලධාරීන් නිවේදනය කළේ, මෙම තරගය සඳහා සහභාගී වූ සංවිධායකින් හා තරගකරුවන් සියලු දෙනාම වරින් වර පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියරව ගන්නා බවයි.
මේ වන විට කොරෝනා වෛරසය අසාධනය වී ඇති බවට තහුවුරු වු ඉතාලි ජාතකයින් දෙදනා සමග සමීපව කටයුතු කළ සියලු දෙනාම නිරෝධායනය කිරීමටත් පියවර ගන්නා බව ඔවුන් නිවේදනය කළේ ය.