ඉදිරියේදී ආගමන විගමන පනතේ වෙනසක්..

ආගමන විගමන පනත සංශෝධනයට තීරණයක්

by Staff writer 13-02-2020 | 7:36 AM

COLOMBO ( Newsw 1st ) -  ආගමන විගමන පනත සංශෝධනය කිරීමට තීරණය කර තිබේ.

ආගමන විගමන පාලක ජෙනරාල් පසන් රත්නායක මහතා සඳහන් කළේ , ඊට අදාළ මූලික කෙටුම්පත සකස් කර අවසන් කර ඇති බවයි. එය, මේ වනවිට නීතී කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කර තිබේ. පනත සංශෝධනය කරන්නේ, ගෝලීය තාක්ෂණික අවශ්‍යතාවලට ගැළපෙන අයුරිනි. 1948 අංක 20 දරණ ආගමන විගමන පනත මීට පෙර අවස්ථා කිහිපයකදී සංශෝධනය කර තිබුණ ද එය පූර්ණ සංශෝධනයකට ලක් කෙරෙන පළමු අවස්ථාව මෙයයි.