ජාතික ඉන්ටර්නෙට් අපරාධ

ජාතික ඉන්ටර්නෙට් අපරාධ

by Staff writer 11-02-2020 | 10:39 PM

COLOMBO ( News 1st ) - 

  1. සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ දරුවන් බියගන්වා ඔවුන්ගේ නිරුවත් රූප සහ වීඩියෝ ලබාගෙන අළෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

  • පෙබරවාරි

    10, 2020

  1. යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවන්ට නිරුවත් වීඩියෝ පටිගත කර එවන්නැයි සමාජ මාධ්‍ය ඔස්සේ තර්ජනය කළ ජ්‍යෙෂ්ඨ සිසුවකු ගැන පරීක්ෂණ

  • පෙබරවාරි

    07, 2020

  1. සමාජ මාධ්‍යයන්හි පළ වූ ලිපියක් කියවා සුවපත් දිවියක් සඳහා ගජමදාරා පත්‍රවල යුෂ පානය කළ තරුණයකු ගම්පහ දී මියයයි

    .

  • පෙබරවාරි

    02, 2020

ජාතික අපරාධ කියන යෙදුම අපි කාටත් හුරුයි

.

ඒත් ඒ යෙදුම නිතර භාවිත වන සන්දර්භයෙන් එළියේ පාවිච්චි කරන්න අපට දැන් සිදුවෙලා තිබෙනවා

.

ඉන්ටර්නෙට් පදනම් කරගත් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අපේ තරුණ දරුවන් අද මුහුණදෙන්නේ ඉතාමත් ම අනතුරුදායක තත්ත්වයකට

. 2020

පෙබරවාරි මාසයේ පළමු දවස්

10

විතරක් සැලකිල්ලට ගනිමු

.

රටේ විවිධ ප්‍රදේශවල ඇතිවුණු බරපතළ සිද්ධි තුනක් අපට හමුවෙනවා

.

පරිගණක ක්ෂේත්‍රයේ රැකියාවක නියුතු පුද්ගලයෙක් කොළඹ සහ අවට පාසල්වල පිරිමි ළමුන්ව වට්ස්ඇප්

,

ඉන්ස්ටග්‍රැම්

,

ෆේස්බුක් සහ ස්නැප්චැට් සමාජ ජාල ඔස්සේ සම්බන්ධ කරගෙන ඒ අය එක්ක මිතුරු සබඳතා පවත්වගෙන ගිහින් තිබෙනවා

.

ඇතැම් වෙලාවට මේ පුද්ගලයා කාන්තාවක් ලෙසත් තවත් වෙලාවක පිරිමි කෙනෙක් ලෙසත් පෙනී සිටිමින් දරුවන්ව රවට්ටලා ඔවුන්ගේ නිරුවත් ඡායාරූප සහ විඩියෝ ලබා ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කළා

.

ඔහු මේ කටයුතු කරලා තිබෙන්නේ රාත්‍රී කාලයේ දී

.

පින්තූර සහ විඩියෝ ඇතැම්විට බය කරලා තවත් අවස්ථාවල තර්ජනය කරලා ලබා ගැනීමෙන් පස්සේ ලංකාවේත් පිටරටත් වෙබ් අඩවි වෙත ලබා දී තිබුණ බව විමර්ශනවල දී අනාවරණය වෙලා තිබෙනවා

.

මේ සිද්ධියෙන් චෝදනා ලබපු පුද්ගලයාට වයස අවුරුදු

21

යි

.

ඒකත් වැදගත්

.

අපි දන්නවා දරුවෙක් මුල්වරට උසස්පෙළ විභාගයට වාඩි වෙන්නෙ වයස

19

දි

. 21

කියන්නෙත් ඒ නිසා මහවයසක් නොවෙයි

.

යාපනය විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා පීඨය තියෙන්නේ කිළිනොච්චියේ

.

පළමු වසරෙ ශිෂ්‍යාවන්ගෙන් සමහරෙකුට සමාජ මාධ්‍ය ඔස්සේ තර්ජනය කරපු ජ්‍යෙෂ්ඨයෝ නිරුවත් රූප සහ විඩියෝ වැසිකිලියේ දී පටිගත කරලා එවන්න බලකරලා තියෙනවා

.

මේ පිළිබඳ ව උතුරේ ආණ්ඩුකාරවරිය වගේ ම විශ්වවිද්‍යාලයත් පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා

.

මේ දරුවෝ

20

21

වයස් කාණ්ඩයේ අය හැටියට හඳුනගන්න පුළුවන්

.

ෆේස්බුක්වල පළ වන විවිධ සෞඛ්‍ය උපදෙස් පිළිපදින අය වගේ ම ඒ තොරතුරු නොමසුරුව බෙදා හරින අයත් අපට නිතර හමුවෙනවා

.

ෆේස්බුක් ලිපියක් සහ යූටියුබ් පරිශීලනය කරලා ශරීරසුවතාව වර්ධනය කරගන්න ගජමදාරා ගසේ කොළ බ්ලෙන්ඩ් කර පානය කරපු ගම්පහ තරුණයෙක් පෙබරවාරි

02

වැනිදා මිය ගියා

.

අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ වාර්තාවේ දැක්වෙන්නේ මේ තරුණයා සකස්කරපු යුෂවලින් කොටසක් පානය කරලා ඉතිරිය ශීතකරණයේ පසුව බීමට පරිස්සමට තබා තිබුණු බවයි

.

ඉහත සිදුවීම් තුනට ම පොදු කාරණා කීපයක් තියෙනවා

.

ප්‍රධාන ම දේ මේ හැම සිද්ධියකට ම කේන්ද්‍ර වෙන්නේ සමාජ මාධ්‍ය වීම

.

දෙවන කාරණාව මේ සිද්ධීන්වල අගතියට පත්වුණු පාර්ශ්ව වගේ ම චෝදනාවට ලක් ව සිටින පාර්ශ්වත් තරුණයින් බව

.

මේ සිද්ධි කියවද්දි මෙහෙම වෙන්න පුළුවන් ද මේ තරුණ දරුවෝ මෙච්චර නොදැනුවත් ද කියන ප්‍රශ්නය හිතට නැගෙනවා

.

කළින් කියපු සිද්ධි සමාජයක් හැටියට අප ව ඇඟිල්ලෙන් ඇනලා අවදි කරනවා

.

මේවා පාලනය කරන්න නීති හදන්න ඕන කියන සරල සිල්ලර විසඳුම බොහෝ දෙනෙක් ඉදිරිපත් කරාවි

.

1983

අප්‍රේල්

5

ස් වැනිදා මතුගම සමන් කුමාර සිසුවා පැහැරගෙන ගිහින් කප්පම් ඉල්ලලා ඝාතනය කරපු වෙලාවෙත් ඒ අදහස ම මතු වුණා

.

මිය යද්දි සමන් කුමාරගෙ වයස අවුරුදු

14

යි

.

2015

මැයි

13

වැනි දා උතුරු පළාතේ පුන්කුඩුතිව් දූපතේ දී සිවලෝගනාදන් විද්‍යා පැහැරගෙන ගිහින් මරාදමද්දිත් ඒ වගේ ම හැගීම්බර සංවාදයක් ඇතිවුණා

.

ඝාතනයට ලක්වෙද්දී විද්‍යාට වයස

18

යි

.

නීතියෙන් පමණක් ඉන්ටනෙට් මාධ්‍ය සහ ඩිජිටල් තාක්ෂණික ලෝකයේ දරුවන්ට රැකවරණය සලසන්න බැරි බව කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රතිභා මහනාමහේවා මහත්මයා පැහැදිලි කරනවා

.

සෙවීමක් බැලීමක් නැතිව සමාජ මාධ්‍යවල තිබුණු පලියට ඖෂධීය ගුණ ඇතැයි කියන විවිධ දේ ආහාරයට ගැනීමත් පානය කිරීමත් කොතරම් නොතේරුම් කමක් ද

?

පරිසරවේදී ජගත් ගුණවර්ධන මහත්මයා නිවැරදි ව දක්වා තිබුණු පරිදි අපේ පරිසරයේ බොහෝ ශාඛ වර්ග ඖෂධීය ගුණයෙන් යුක්තයි

.

ඒත් ඒවායේ භාවිතාව ඒ කියන්නේ බාහිරින් පත්තු මැල්ලුම් හැටියට බඳිනව ද ආහාරමය වශයෙන් ගන්නව ද ඒවායේ මාත්‍රාව කොපමන ද යන්න තීරණය කරන්න පුළුවන් වෙන්නේ වෛද්‍යවරුන්ට විතරයි

.

මේ වගේ සිද්ධි ගැන ක්ෂණික ව ආවේග බහුල ව කතා කළත් අපේ අවධානයෙන් මේ සිද්ධි ගිලිහෙනවා

.

ජීවිත ඉදිරියට යනවා

.

වඩා වැදගත් කාරණය අද අපි ඉන්ටර්නෙට් කේන්ද්‍රීය සමාජ මාධ්‍යත් එක්ක සන්නිවේදනයේ සහ ජනජීවිතයේ අලුත් ප්‍රවේශයක් ලබා සිටින බව

.

අපේ දරුවෝ වෙනුවෙන් අපි විශාල ආයෝජනයක් කරනවා

.

නිදහස් අධ්‍යාපනයට රටක් වශයෙන් ආයෝජනය කරන ගමන් කුටුම්භයන් හැටියට ටියුෂන්වලට ආයෝජනය කරනවා

.

වෑන් එකක බැරිනම් ත්‍රීවීලරයකවත් දරුව ව ඉස්කෝලෙ යවනවා

.

පැයකට වරක්වත් දරුවො ඉන්න තැන කරන දෙය දුරකතනයෙන් විමසනවා

.

ඒත් දරුවාට ප්‍රමාණවත් මිත්‍ර සන්ධානයක් තියෙනව ද සමවයස් කාණ්ඩය එක්ක සංවාදයක් තියෙනවා ද කියල හොයන්න අපිට අමතක වෙනවා

.

දරුවට විනෝදාංශ තියෙනවා ද

?

අපි හොයන්නේ නැහැ

.

සමාජ රස්තියාදුව මග හැරුණ දරුවා ඉන්ටර්නෙට් රස්තියාදුවට හුරුවෙන්න ඉඩ තියෙනවා

.

මේක ගැන ලෝකයේ පුරා කෙරුණු අධ්‍යනයන් සහ ඒවායේ ප්‍රතිඵල පහසුවෙන් කියවන්න සොයා ගත හැකියි

.

තරුණ දරුවන් විශේෂයන් ම නහඹුවියේ දරුවන්

,

ඒ කියන්නේ වයස

10

ත්

19

ත් අතර පිරිස ඩිජිටල් තාක්ෂණයේ මහිමය වෙන කිසිවෙකුටත් වඩා අත්විඳින්න අවස්ථාව ලැබුණු පිරිසක්

.

ඩිජිටල්කරණය වුණු ලෝකයක ම ඉපදුණු ඩිජිටල් පුරවැසියන් සහ ඊට පෙර ඉපදිලා ඩිජිටල් යුගයට සංක්‍රමණය වුන පිරිස අතර ඇති වෙනස ගැන බොහෝ දෙනා දැනටමත් කියවල තියෙනවා

.

ඒත් අද ඒ කියන්නෙ

, 21

වැනි සියවසේ තුන්වන දශකයේ ඉන්න අපේ නහඹු සහ තරුණ පිරිසගේ අවශ්‍යතා තේරුම්ගන්න වැඩිහිටියො හැටියට අපි ප්‍රමාණවත් අවධානයක් යොමු කරල තියෙනවා ද

?

වඩා වැදගත් කාරණය මේකයි

.

අද ජීවත්වන දරුවන්ව ඉන්ටර්නෙට් ප්‍රවේශයෙන් වළක්වන්න හිතීම ප්‍රායෝගික නැහැ

.

අවශ්‍ය ඉන්ටර්නෙට් සහ එහි විවිධ සන්නිවේදන ප්‍රවේශයන් සබුද්ධික ව භාවිතය සඳහා දැනුවත් කිරීම

.

සබුද්ධික භාවිතය ගැන දැනුවත් නැති දරුවන් ව අපයෝජනය කරන්න තියෙන ඉඩකඩ පිළිබඳ ව හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාණි තිලකවර්ධන මහත්මිය

2019

වසරේ පවත්වපු සජීව සමරනායක අනුමස්මරණ දේශනයේ දී හොඳින් ම පැහැදිලි කළා

.

දැනුවත් කිරීම පිළිබඳ සාකච්ඡාව සංස්කෘතික සහ ආගමික කාරණාත් සමග බද්ධ කරලා ඉතාමත් ම හැඟීම්බර තැනකට ගෙනියන්නත් පුළුවන්

.

වයස අවුරුදු

12

ක් පමණ වන දරුවන් සඳහා සැකසුණු හතේ අපේ පොත

,

අතිරේඛ කියවීම් පොත සම්බන්ධ සංවාදය ඒ තත්ත්වයට හොඳ ම උදාහරණය

.

ඒ ගැන අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභාව දැන් අධ්‍යාපන අමාත්‍යාංශයේ කරුණු විමසමින් පවතිනවා

.

තව විදිහකින් කියනවා නම් ඒ පොත පිළිබඳ කාරණයේ විමර්ශණයත් දැන් පාර්ලිමේන්තුව අතට ගිහින් තියෙනවා

.

මේ වගේ අභියෝගාත්මක අවස්ථාවල වගකිවයුත්තා හොයන්න ගන්න උත්සාහය තවත් සමහරෙකුගෙ ප්‍රවේශයක්

.

එතැනදි අපේ සොෆ්ට් ටාගට් එක නැත්නම් මෘදු ඉලක්කය බොහෝවිට දේශපාලනඥයින්

.

දේශපාලනඥයින්ට නම් මේ ගැන ලොකු හැඟීමක් නැහැ

.

ලංකාව ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය හදන්න පටන් ගත්තෙ

2013

දි

.

තාමත් ඉවර නැහැ

. 1987

පළාත් සභා හඳුන්වා දෙද්දි පරිවාස හා ළමාරක්ෂක විෂය පළාත්සභාවලට පැවරුණා

.

පරිවාසගත වෙන්නේ නීතිය ඉදිරියේ වරදකරුවන් වුණු දරුවන් නැත්නම් වින්දිත දරුවන්

.

ඒ දරුවො පුනරුත්ථාපනය කෙරෙන්නේ සහතික කළ පාසල් හරහා

.

ඒත් තවමත් ගැහැණු සහ පිරිමි දරුවන් දෙගොල්ලන්ට ම සහතික කළ පාසල් තියෙන්නෙ ලංකාවේ පළාත්

9

න් එකක විතරයි

.

දරුවො සම්බන්ධ කාරණාවල දී ගුරුවරුන්ට දෙමව්පියන්ට පොදුවේ වැඩිහිටියන්ට සාමූහික වගකීමක් තියෙනවා

.

ඒ වගකීම ඉටුකිරීමේ හොඳ ම ප්‍රවේශය අද

,

නැතිනම්

21

වැනි සියවසේ තුන්වැනි දශකයේ දරුවන් සහ තරුණයින් ගැන අපි අලුතින් හිතන්න පටන් ගැනීම

.