by Staff writer 31-01-2020 | 10:40 AM
COLOMBO (News 1st): ශ්‍රී ලංකා සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද අවසන් වේ.
සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 3ක් අතැතිව ඉදිරියෙන් සිටින ලකුණු සංඛ්‍යාව 354කි.
හරාරේහිදී පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම රැස් කළ ලකුණු 406ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවේ සියලු දෙනා ලකුණු 293කට දැවී ගියේය.
සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන සිම්බාබ්වේ කණ්ඩායම ඊයේ දිනය සඳහා තරගය ආරම්භ කරන විට එක් කඩුල්ලක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 62කි.
බ්‍රෙන්ඩන් ටේලර් 10 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළේය.
සිම්බාබ්වේ දෙවැනි ඉනිමේ මුල්පෙළ කඩුලු 5 බිඳ වැටුණේ ලකුණු 151කදීය.
අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් ඊයේ දිනයට තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 241ක් රැස් කරගෙන සිටියේය.