සිම්බාබ්වේ පිලට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය

සිම්බාබ්වේ පිලට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය

by Staff writer 15-01-2020 | 10:02 AM

COLOMBO (News 1st) - සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ඊට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි වූ බවයි. කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්නට හිමිවිය. නිමා වූ පකිස්ථාන ටෙස්ට් සංචාරයට ඇතුළත් වූ කුසල් ජනිත් පෙරේරා මෙම සංචිතයට නම් කර නැත. කෙසේ නමුත් එම සංචිතයට ඇතුළත්ව සිටිය ද රෝගීවීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත් කළ සුරංග ලක්මාල්ද අද නම් කළ සංචිතයට එක්ව සිටි. තරගාවලියට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අනිද්දා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතයි. කෙසේ නමුත් මෙම තරගාවලිය අන්තර් ජාතික ටෙස්ට් ලෝක ශූරතාවලියට අයත් වන්නේ නැත. ඒ, සිම්බාබ්වේ කණ්ඩායම එම ටෙස්ට් ලෝක ශූරතාවලියට අයත් නොවීම හේතුවෙනි. තරග දෙකකින් සමන්විත තරගාවලිය ලබන 19 වැනි දා හරාරේහිදී ආරම්භවීමට නියමිත වේ.