2018 -19 ඉන්දියාවේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා බුම්රා

2019 වසරේ ඉන්දීය හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා ජස්ප්‍රිට් බුම්රා

by Staff writer 13-01-2020 | 8:12 AM
COLOMBO (News 1st) : ඉන්දීය සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා 2018 -2019 ඉන්දියාවේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයාට පිරිනමන පොලි උම්රිගර් සම්මානය දිනා ගත්තේ ය. ඒ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සංවිධානය කළ වාර්ෂික සම්මාන උලෙළේදීයි. 2018-19 වසරේ දේශිය මෙන්ම ජාත්‍යන්තර තරග බිමේ දක්ෂතා දැක්වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම උදෙසා සංවිධානය වූ මෙම සම්මාන උත්සවය මුම්බායිහිදී පැවැත්විය. ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා ඉන්දියාවේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයාට පිරිනමන පොලි උම්රිගර් සම්මානයට අමතරව මෙම සම්මාන උළෙලේදී වසරේ වැඩිම ටෙස්ට් කඩුලු ලාභියාට පිරිනමන දිලිප් සර්දේසායි සම්මානය ද දිනා ගැනීම විශේෂත්වයකි. චෙතේස්වර් පුජාරා මෙහිදී වසරේ වැඩිම ටෙස්ට් ලකුණු ලාභියාට හිමි සම්මානය දිනා ගත් අතර වසරේ අන්තර්ජාතික වරම් දිනා ගත් හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානය මයානාක් අගර්වාල්ට හිමිවිය. වසරේ එක්දින පිටියේ වැඩිම ලකුණු ලාභි ක්‍රීඩිකාවට හිමි සම්මානය හිමි සම්මානය හිමිවුණේ ස්ම්‍රිති මන්දනාටයි. ජූලන් ගොස්වාමි වසරේ එක්දින පිටියේ වැඩිම කඩුලු ලාභිනිය ලෙස සම්මානය දිනා ගත්තා ය. මෙම සම්මාන උළෙලේදී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ජිවිතයේ එක් වරක් පමණක් පිරිනමන විශේෂිත සම්මාන ද්විත්වය හිටපු ආරම්භක පිතිකරු ක්‍රිස් ශ්‍රීකාන්ත් හා ඉන්දියාව වෙනුවෙන් එක්දින තරග 100 ක් ක්‍රීඩා කල පලමු ක්‍රීඩිකාව වූ අන්ජුම් චොප්රාට හිමිවිය. මෙම සම්මාන රාත්‍රීයේ සම්මාන 15 ක් ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය පිරිනැමී ය.