විනිසුරුවන් තිදෙනෙකු ගැන අධිකරණ කොමිසමට පැමිණිලි

රංජන් සමග දුරකථන සංවාද පැවැත්වූ විනිසුරුවරුන් තිදෙනෙකු ගැන අධිකරණ සේවා කොමිසමට පැමිණිලි

by Staff writer 11-01-2020 | 7:00 PM
COLOMBO (News 1st) : පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමග දුරකථන සංවාද පැවැත්වූ බවට චෝදනා එල්ල වන විනිසුරුවරුන් තිදෙනෙකු සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් ලැබී ඇතැයි අධිකරණ සේවා කොමිෂන් සභාව පවසයි. එම කොමිසම සඳහන් කළේ ඒ අනුව කොමිසම රැස් වී ඒ පිළිබඳව සාකච්ඡා කළ බවයි. අදාළ ක්‍රමවේදයන්ට අනුව එම විනිසුරුවරුන් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කළේ ය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා අධිකරණ සේවා කොමිසමේ සභාපති ධුරය දරන අතර එය තවත් කොමසාරිස්වරුන් දෙදෙනෙකුගෙන් සමන්විතයි. https://www.facebook.com/NewsfirstSL/videos/2128678443901117/