ඉන්දු - ශ්‍රී ලංකා 20යි 20 අවසන් තරගය අද

ඉන්දු - ශ්‍රී ලංකා 20යි 20 අවසන් තරගය අද

by Staff writer 10-01-2020 | 12:50 PM
COLOMBO (News 1st) : තරුණ ක්‍රීඩකයින්ට අත්දැකීම් ලබාදීම තුළින් ඔවුන්ට සාර්ථකත්වය ළඟාකර දිය හැකි බවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, ඉන්දීය කණ්ඩායම සමග අද පැවැත්වෙන තුන්වැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය පිළිබඳව අදහස් දක්වමිනි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි සහ අවසන් තරගය පූනේහිදී අද පැවැත්වේ. ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් කළ ඉසුරු උදාන වෙනුවට අද දිනයේදී ඇන්ජලෝ මැතිව්ස්ට අවස්ථාව හිමිවනු ඇති. තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු වූ අතර දෙවැනි තරගයෙන් ජය ගත්තේ ඉන්දීය කණ්ඩායමයි. ඒ අනුව තරග 1ට 0ක් ලෙස ඉන්දියාව පෙරමුණේ පසු වේ. අද තරගය සඳහා දෙරටේ ම ක්‍රීඩකයෝ ඊයේ පුහුණුවීම්වල නිරත වූහ. මේ අතර ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක කුල්දීප් යාදෙව් පැවසුවේ අවස්ථාවට උචිත පරිදි කඩුලු දවා ගැනීමට හෝ ලකුණු ලබා දීම සීමා කිරීමට සැම විටම තමන් සතුව සැලැස්මක් ඇති බවයි. අද තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතව තිබේ.