COLOMBO (News 1st) - ලබන වසර තුළ අමෙරිකානු ඩොලර් බිලියන 4.8 ක විදේශීය ණය ආපසු ගෙවිය යුතුව තිබේ.
මෙය දළ වශයෙන් රුපියල් බිලියන 800 ය ඉක්මවනු ඇති.
ශ්‍රී ලංකාව මෙතෙක් වසරක තුළ ආපසු ගෙවන වැඩිම ණය වාරිකයයි.
මහ බැංකුවේ සංඛ්‍යා ලේඛන අනුව මේ වසර අවසන් වන විට රජයේ මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියයන 12,863.5 කි.
ඉන් බිලියන 6523.5 ක් දේශීය ණය වේ.
මහ බැංකුවට අනුව ඉතිරි බිලියන 6,339.9 විදේශීය මූලාශ්‍රවලින් ලබා ගත් ණයයි.
මේ අනුව ලබාගෙන ඇති මුළු විදේශ ණය ප්‍රමාණය මේ වසර අවසන් වන විට අමෙරිකානු ඩොලර් බිලියන 35 කට ආසන්න වේ.
ඉදිරි වසර තුළදී පමණක් ඉන් ඩොලර් බිලියන 4.8 ක ණය ආපසු ගෙවිය යුතුය.
මේ ණය ආපසු ගෙවන්නේ කෙසේ ද?
දැනට මාස 4 හමාරක ආනයනවලට ප්‍රමාණවත් ඩොලර් බිලියන 7.5 ක සංචිත අප රට සතුව ඇති අතර ඉන් බිලියන 4.8 ක් ණය ආපසු ගෙවීමට යොදා ගත හැකියි.
නැතහොත් විදේශීය සෘජු ආයෝජන වැනි මහා පරිමාණයෙන් ඩොලර් ආදායම් ලැබෙන කඩිනම් ක්රියාමාර්ගයකින් ද මේ මුදල සොයා ගත හැකි වේ.
නමුත් ආර්ථින විශේෂඥයින්ගේ මතය වන්නේ ණය ගෙවීම සඳහා යළිත් ණය ලබා ගැනීම සාමාන්‍යයෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ගය බවයි.
කැබිනට් ප්‍රකාශකවරයා පවසන පරිදි මේ ණය වාරික ගෙවීම අපහසු කරුණක් නොවේ.
සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන,
ඒ ගැන කිසිසේත් ඔබතුමා කලබල වෙන්න ඒපා මොකද ඒ සඳහා වෙනම රාජ්‍ය ආයතනයක් තියෙනවා රජයේ බැංකුකරු මුදල් නියෝජිතය සහ මූල්‍ය උපදේශකයා වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවෙ වෙනම දෙපාර්තමේන්තුවක් තියෙනවා රාජ්‍ය ණය කළමනාකරණය සම්බන්ධයෙන් ඒ දෙපාර්තමේන්තුව කිසි දවසක සතයකවත් වාරිකයක් හිඟ තියන්නේ නැතුව මේ කටයුත්ත කරලා තියෙනවා. මේවරත් ඒ විද්වතුන් ඒ කටයුත්ත කරයි.
අමාත්‍යවරයා පවසන ආකාරයට ණය ආපසු ගෙවීමට මහ බැංකුවේ සැළසුම කුමක් වෙයි ද?
ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ,
ණය පියවන ආකාරය පිළිබඳව සැලැස්මක් රජය ඉදිරිපත් කාරාවී. එකෙදි තීරණය කරයි කොතරම් වානිජ ණය ගන්නවාද කොපමන සුරැකුම්පත් නිකුත් කරනවා ද කියන විවිධ වූ ණය උපකරණ තියෙනවා. අපි මේ පිළිඳව කළින් සකච්ජා කරලා තියෙනවා. නමුත් දැන් නව රජයක් තියෙන්නේ ඔවුන් තීරණය කරයි කෙටි කාලීනව මධ්‍ය කාලීනව හා දිර්ග කාලීන ණය පියවීමේ සැලැස්ම කුමක්ද කියලා. නමුත් ඇත්ත වශයෙන්ම රජය සිද්ධ වෙනවා යම් ප්‍රමාණයකට වානිජ ණය ගන්න ඒ වගේම සහනධායී ණය මුලාශ්රවන ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව වගේ එවට යන්න කොහොමත් අවුරුදකට අමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක් වගේ සංවර්ධන ව්‍යපෘතිවලට එනවා. ඒ වගේම ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වගේ දෙවල්වලිනුත් රජයට මුදල් ලබාගන්න පුළුවන්. ඒ වගේම සමුරායි බොන්ඩ් ස්වරීත්ව බැඳුම්කර, සහන ණය වගේ විකල්ප කිහිපයක් තියෙනවා. මුදල් අමාත්‍යාංශය අවුරුද්දේ මුදල් අවශ්‍යතාව මත තීරණය කරයි මොනවද ගන්නේ කියලා.
ණය ආපසු ගෙවීමට නැවත ණය ගැනීමට සූදානම්වන පසුබිමක ආණ්ඩුව පසුගිය දිනවල බදු සහන රැසක් ප්‍රකාශයට පත් කළේ ය.
මේ බදු සහන ක්‍රියාත්මක කිරීමේ මේ වසරේ රජය අපේක්ෂා කළ අදායම නොලැබෙන බව ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනවල මතයයි.
මේ නිසා ණය ආපසු ගෙවීමේ අවදානමකට ඉදිරි වසර තුළ ශ්‍රී ලංකාව පත්වනු ඇතැයි එම ආයතනවල අදහස විය.
නව රජය මේ අතරවාරයේ නුපුහුණු තරූණ තරුණියන්ට රජයේ රැකියා ලක්ෂයක් ලබාදීම, සපිරි ගමක් වැනි සමාජ සුබ සාධන ව්‍යාපෘති ද මේ වනවිට ක්‍රියාත්මක කිරීමට සැළසුම් සකස් කර අවසන් ය.
මේවායින් රාජ්‍ය වියදම තවත් වැඩි වනු ඇතැයි ආර්ථික විශේෂඥයින්ගේ මතයයි.
එක්සත් ජාතික පක්ෂයේ පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා,
රජයේ ආදායම එක පැත්තකින් පලේහට බහිනකොට වියදම අනිත් පැත්තනේ ඉහළට යනකොට මේක ඕනෑම කෙනෙකුට පේනවා ගැටලු සහගත තත්ත්වයක්. මතුවෙන බව උදාහරණයක් හැටියට රුපියල් බිලියන 500 ක විතර ප්‍රමාණයක් අඩු වුනොත් ඒකියන්නේ බලාපොරොත්තු වෙච්ච රුපියල් බිලියන 2000 න් 500 ක් කිව්වාම සියයට 25 ක රජයේ අදායම අඩුවීමක්. එක පැත්තකින් රජයේ ආදායම අඩුවනවා නම් අනිත් පැත්තතෙන් තව දුරටත් රාජ්‍ය සේවකයෝ බඳවා ගන්නවා නම් බදු කපා හරිනවා නම් මේ සියලු දේත් එක්ක ඉතා විශාල අභියෝගයට රජයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
ආර්ථික විද්‍යාඥ සංජීව ප්‍රනාන්දු,
එතකොට මේ අහිමිවන ආදායම නිසා අයවැය හිඟය එකතුවෙනවා දැනට තියෙන ණය තොගයට. දැන් මේ අවුරුද්දේ කරන්නේ සමුරායි බොන්ඩ් එකක් හා පැන්ඩා බොන්ඩ් එකක් දාලා ඊට පස්සේ ඔක්තොමර්බර් මාසේ සවරින් බොන්ඩ්ස් ඉෂු වෙනවා. ජුනිවලින් පස්සේ තමයි සවරින් බොන්ඩ් රේසින්වලට යන්නේ. එහෙම කරලා මේ ෆොර් පොයින් එයිට් බිලියන් නැත්නම් බිලියන 5 ක ණය ගෙවීම සිද්ධ කළාට මේක දීර්ග වශයෙන් සස්ටෙන් කරන්න නම් වෙළෙඳ ප්‍රතිසංස්කරණ ටෙරෙඩ් රිෆොම්ස් එක කරන්න වෙනවා. අපනයන ප්‍රතිශතය දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් විදිහට වැඩි කලොත් මේක සස්ටෙන් කරන්න පුළුවන්.