by Staff writer 22-12-2019 | 8:01 AM
News 1st - තරග 2 කින් සමන්විත ශ්‍රී ලංකා - පකිස්ථාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය සිව්වැනි දිනටත් අද පැවැත්වේ.
ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි සත්කාරක ක්‍රීඩකයින් පන්දුවාර 104 ක් අවසානයේ කඩුලු 2ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 395 කි.
පකිස්ථාන දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ඊයේ දිනයේදී අබිඩ් අලී සහ ශාන් මසූඩ් ලකුණු 278 ක වාර්තාගත සබඳතාවයක් ගොඩ නැගුවේ ය.
එය වාර්තා අතරට එක්වූයේ පකිස්ථානය වෙනුවෙන් පළමු කඩුල්ල සඳහා වාර්තා වූ දෙවැනි හොඳම ලකුණු සබඳතාව ලෙසයි.
සිය ටෙස්ට් දිවියේ දෙවන ශතකය වාර්තා කළ අබිඩ් අලී ලකුණු 174 ක් රැස් කළේ, එක් හයේ පහරක් සහ හතරේ පහර 21 ක් සමගිනි.
ශාන් මසූඩ් ද සිය දෙවන ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 135 ක් ලබා ගත්තේ ය.
කරච්චිහීදි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පකිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේ ය.
ඒ අනුව ඔවුන් සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 191 කි.
අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 271 ක් ලබා ගත්තේ ය.
ඒ අනුව පකිස්ථානය මේ වන විට සිය දෙවන ඉනිමේ දී ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 315 ක්.
මේ අතර පකිස්ථානයට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයේ දී පන්දු යවන්නන් සැලසුම් සහගතව කටයුතු නොකළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහය පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා පවසයි.
ඒ, තෙවැනි දිනයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.