ක්‍රිකට්වලට පකිස්ථානය ආරක්ෂිතයි - දිමුත් කරුණාරත්න

ක්‍රිකට්වලට පකිස්ථානය ආරක්ෂිතයි - දිමුත් කරුණාරත්න

by Staff writer 18-12-2019 | 10:30 PM

COLOMBO ( News 1st ) - පකිස්ථානය ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ආරක්ෂිත රටක් බවට ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි.

ශ්‍රී ලංකා - පකිස්ථාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය පකිස්ථානයේ කරච්චි නුවරදී හෙට ආරම්භ වේ. අන්තර් ජාතික ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ පැවැත්වෙන මෙම තරගය ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමට වැදගත් කඩඉමක් වේ. ශ්‍රී ලංකාව මෙතෙක් පැවැති තරග ප්‍රතිඵල අනුව ලෝක ටෙස්ට් ශූරතාවලියේ තුන්වැනි ස්ථානයේ රැඳී සිටී. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න
'''අනිවාර්යෙන්ම අපේ කණ්ඩායමේ එක් වෙනසක් සිදු වෙනවා. ඒ වගේම ඔවුන් තණතිල්ල සකසන ආකාරය අනුව අපි කණ්ඩායම තීරණය කිරීම වෙනස් වෙනවා. ඔවුන් තණකොල සහිත ලෙස එය සැකසුවොත් අපි දග පන්දු යවන්නන් තුන්දෙනෙක් යොදා ගන්නවා. ඔවුන් තණකොල ඉවත් කළොත් අපි දග පන්දු යවන්නන් දෙදෙනෙක් යොදා ගන්නවා. විශේෂයෙන්ම තමන්ගේ මව් රටේ ක්‍රීඩා කරනකොට ලැබෙන වාසි අපිට ලැබෙන්නේ නෑ. නමුත් හොද තරගයක් සෙල්ලම් කරන්න අපේක්ෂා කරනවා. මටත් මගේ කණ්ඩායමටත් මෙහි හොද ආරක්ෂාවක් තිබෙන බව දැනෙනවා. මට කියන්න පුළුවන් පකිස්ථානය දැන් ක්‍රිකට් ක්‍රීඩාවට ආරක්ෂිත රටක් කියලා.''