සිංහරාජය වැසි වනාන්තර පද්ධතිය ප්‍රකාශයට පත් කෙරේ

සිංහරාජය වැසි වනාන්තර පද්ධතිය ප්‍රකාශයට පත් කෙරේ

by Staff writer 25-11-2019 | 2:02 PM
COLOMBO (News 1st) : ලෝක උරුම සිංහරාජ වනාන්තරය, සිංහරාජ වැසි වනාන්තර පද්ධතියක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ, අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව් ඒ. සී. වේරගොඩ මහතා පැවසුවේ, සිංහරාජ වනාන්තරය අවට පිහිටි වනාන්තර පහක් එක්කර සිංහරාජ වැසි වනාන්තර පද්ධතිය නිර්මාණය කළ බවයි. ඒ අනුව හෙක්ටයාර් 11,187ක භූමි ප්‍රමාණයක්ව පැවති සිංහරාජ වැසි වනාන්තරය මේ වන විට එහි භූමි ප්‍රමාණය හෙක්ටයාර් 35 000ක් දක්වා වර්ධනය වී ඇති බව ද වේරගොඩ මහතා පැවසී ය. 1989 දී යුනෙස්කෝව , ශ්‍රී ලංකාවේ පළමු ස්වභාවික ලෝක උරුමය ලෙස සිංහරාජ වැසි වනාන්තරය නම් කළේ ය.