කෙටි කලකට පමණක් කථානායක ධුරය භාර ගැනීමට සූදානම්

"කෙටි කලකට පමණක් කථානායක ධුරය භාර ගැනීමට සූදානම්" - වාසුදේව

by Staff writer 24-11-2019 | 8:50 PM
COLOMBO (News 1st) : කෙටි කාලයක් සඳහා පමණක් කථානායක ධුරය භාර ගැනීමට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. මන්ත්‍රීවරයා මෙ බව පැවසුවේ, අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ය. මාධ්‍යවේදීන් නැගූ පැනයන්ට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත්  පැවසුවේ, ඒ සඳහා තමා තෝරා ගතහොත් එය අගය කරන බවයි. එහෙත් දීර්ඝ කාලීනව කථානායක ධුර දැරීමට අපේක්ෂා නොකරන බවත් ඊට වඩා සිය දේශපාලන චරිතය සහ දේශපාලන ක්‍රියාකාරිත්වය වටිනා බවද ඔහු එහිදී පැවසී ය. https://www.youtube.com/watch?v=YPTyNxCE7OA