ලෝක ශූර මලල ක්‍රීඩා තරගාවලිය අද ඇරඹේ

2019 ලෝක ශූර මලල ක්‍රීඩා තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අද ඇරඹේ

by Staff writer 07-11-2019 | 7:37 AM

COLOMBO ( News 1st ) - 2019 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය අද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වේ.

මෙවර තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 9 කි. තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ, හෙල්ල විසි කිරීමේ පැරා ඔලිම්පික් ලෝකඩ පදක්කම් ලාභි දිනේෂ් ප්‍රියන්තට ය. දිනේෂ්ට අමතරව උපුල් අබරන, අමිල වර්ණකුලසූරිය, ඉන්දික ගමගේ, බුද්ධික ඉන්ද්‍රපාල, පාලිත හල්ගහවෙල, චමින්ද සම්පත්, කුමුදු දිසානායක, දුලාන් කොඩිතුවක්කු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර ලෝක ශුරතා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වේ. මෙවර ලෝක ශුරතා මලල ක්‍රීඩා තරගාවලියට රටවල් 118කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වීමට නියමිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන1403 කි. අද ආරම්භ වන තරගාවලිය ලබන 15 වැනිදා දක්වා පැවැත්වේ.