by Sagarika Chathumali 31-10-2019 | 8:37 AM
COLOMBO (News 1st) : උස පැනීමේ ශූර මංජුල කුමාර තරග බිමෙන් සමු ගන්නා බව නිල වශයෙන් නිවේදනය කළේ ය.
ඔහු මේ බව පැවසුවේ, කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
තම ක්‍රීඩා ජීවිතයේ ලැබූ විශාලම ජයග්‍රහණය ඔලිම්පික් උළෙලක් නියෝජනය කිරීමේ අවස්ථාව හිමිවීම බව ද මංජුල පැවසී ය.
ශ්‍රී ලංකාවේ උස පැනීම ජාතික වාර්තාවට හිමිකම් කියන ඔහු, 2005 දී මෙන්ම 2009 ආසියානු ක්‍රීඩා උළෙලේදී ද රන් පදක්කම් දිනා ගත්තේ ය.