ශ්‍රී ලංකා-පකිස්ථාන ටෙස්ට් තරගාවලිය දෙසැම්බර් ඇරඹේ

ශ්‍රී ලංකා - පකිස්ථාන ටෙස්ට් තරගාවලිය දෙසැම්බර් 11 ඇරඹෙයි

by Staff writer 29-10-2019 | 10:24 AM

News 1st - ශ්‍රී ලංකා සහ පකිස්ථාන කණ්ඩායම් අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දින නියම කර තිබේ.

ඒ අනුව දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය එළැඹෙන දෙසැම්බර් මසදී පැවැත්වීමට නියමිත ය. ශ්‍රී ලංකා සහ පකිස්ථාන කණ්ඩායම් අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට තරග 2ක් ඇතුළත් ය. එම තරග අන්තර ජාතික ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලිය යටතේ පැවැත් වේ. තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියේ තරග රාවල්පින්ඩි සහ කරච්චිහිදී පැවැත්වීමට ය. රාවල්පින්ඩිහීදී අවසන් වරට ටෙස්ට් තරගයක් පවත්වා ඇත්තේ 2004 වසරේදී ය. ඒ අනුව තරග කාලසටහන මෙසේය. * පළමු ටෙස්ට් තරගය / දෙසැම්බර් 11 - 15 / රාවල්පින්ඩි * දෙවන ටෙස්ට් තරගය / දෙසැම්බර් 19 - 23 / කරච්චි