by Staff writer 30-09-2019 | 6:41 AM
COLOMBO (News 1st) - 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් තවත් සිසුන් 5000කට ශිෂ්‍යාධාර ලබා දීමට රජය පියවර ගෙන තිබේ.
අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ, මෙතෙක් සිසුන් 15000කට පමණක් හිමිව තිබූ එම ශිෂ්‍යාධාර මුදල 20000කට හිමි වන බව ය.
ඒ අනුව 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වාම මෙම ශිෂ්‍යාධාර මුදල එම සිසුන් වෙත හිමි වනු ඇති.
අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට ද මෙම ශිෂ්‍යාධාර ලබා දීමට පියවර ගෙන ඇති අතර ඒ සඳහා විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගෙන් 250ක් තෝරා ගැනීමට නියමිත බව ය.
එසේම ශිෂ්‍යාධාර දීමනාව ද රුපියල් 500 සිට 750 දක්වා ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ.