ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථානය සඳහා පිටත්ව යයි

පාකිස්ථාන තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිටත්ව යයි

by Staff writer 24-09-2019 | 1:21 PM
COLOMBO (News 1st) : පාකිස්තාන තරග සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා එක්දින හා 20 යි 20 කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව ගියේ ය. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ආගමික වතාවත්වල යෙදීමෙන් අනතුරුවයි. ශ්‍රී ලංකා - පාකිස්ථාන එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන 27 වනදා ආරම්භ වේ. ඊට තරග 3 ක් ඇතුළත් ය. ඒ සඳහා සහභාගී වන ළහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් යුත් එක්දින කණ්ඩායම සඳහා දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් 20යි 20 කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව ගියේ ය. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ආගමික වතාවත්වල යෙදීමෙන් අනතුරුවයි. 2009 වසරේ දී සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයට පසුව ජාත්‍යන්තර කණ්ඩායමක් සති දෙකකට අධික කාලයක් පාකිස්තාන‍යේ රැඳී සිටිමින් තරග සංචාරයක නිරත වන පළමු අවස්ථාව ලෙස මෙය ලෙස ඉතිහාසගත වේ. කෙසේ වෙතත් දිමුත් කරුණාරත්න, ලසිත් මාලිංග, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ඇන්ජලෝ මැතිව්ස් හා කුසල් මෙන්ඩිස් මෙම සංචාරය සඳහා සහභාගී නොවේ. ළහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමට ධනුෂ්ක ගුණතිලක, සදීර සමරවික්‍රම, අවිශ්ක ප්‍රනාන්දු, ඕෂධ ප්‍රනාන්දු, ශෙහාන් ජයසූරිය, දසුන් ශානක, මිනෝද් භානුක, ඇන්ජලෝ පෙරේරා, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, ඉසුරු උදාන කසුන් රාජිත, සහා ලහිරු කුමාර ඇතුළත් වෙති. එක්දින සංචිතය හා සංසන්දනය කරන විට 20යි 20 සංචිතයේ වෙනස්කම් දෙකක් පමණක් සිදුව තිබේ. එක්දින සංචිතයේ නායක තිරිමාන්න 20යි 20 සංචිතයේ නොමැති අතර ඒ වෙනුවට තවමත් ජාත්‍යන්තර වරම් දිනා නොමැති භානුක රාජපක්ෂ කණ්ඩායමට කැඳවා තිබේ. ඊට අමතරව නවසීලන්තයට එරෙහිව පැවති තරගාවලියේ දී 20යි 20 වරම් දිනා ගත් ලහිරු මදුසංක ද මේ 20යි 20 සංචිතයට ඇතුළත් ය. දෙරට අතර තරග තුනකින් සමන්විත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය එළඹෙන 5 වනදා ආරම්භ වේ.