by Staff writer 23-09-2019 | 2:58 PM
COLOMBO (News 1st) : කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල සමග තුන්වැනි වරටත් පැවැති 'අලස් - ගුණසේකර ශූරතා' පැසිපන්දු තරගය ජය ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් විය.
රාජකීය විද්‍යාලය අලස් ගුණසේකර පැසි පන්දු තරගය ජය ගත් දෙවන අවස්ථාව මෙයයි.
තරගය කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
රාජකීය විද්‍යාලය සහ ගේට්වේ ජාත්‍යන්තර පාසල අතර පැවැති පළමු පැසි පන්දු තරගය කොළඹ රාජකීය විද්‍යාලය ජය ගත් අතර , දෙවිදුහල් අතර දෙවැනි පැසි පන්දු තරගය ජය ගත්තේ ගේට්වේ ජාත්‍යන්තර පාසලයි.
තුන්වන 'අලස් - ගුණසේකර ශූරතා' පැසිපන්දු තරගය මෙවර පැවැත්වුණේ නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි.
වයස අවුරුදු 19 න් පහළ ප්‍රධාන පැසිපන්දු තරගයට පෙර වයස අවුරුදු 15 න් පහළ පැසි පන්දු තරගයක් ද පැවැත්විණ.
එම තරගයේ ජය හිමිවුණේ, ගේට්වේ ජාත්‍යන්තර පාසලටයි.
ලකුණු 42 ට 18 ක් ලෙස රාජකීය විද්‍යාලයීය 15 න් පහළ කණ්ඩායම පරාජය කරමින් ගේට්වේ ක්‍රීඩකයින් එම තරගය ජය ගත්තේ ය.
මෙහීදී කොළඹ දේවි බාලිකා විද්‍යාලය සහා ගේට්වේ ජාත්‍යන්තර පාසල අතර ප්‍රදර්ශනාත්මක බාලිකා පැසි පන්දු තරගයක් ද පැවැත්වීම විශේෂත්වයකි.
එම තරගය ගේට්වේ ක්‍රීඩිකාවන් ජය ගත්තේ ලකුණු 52 ට 26 ක් ලෙසයි.
අලස් - ගුණසේකර ශූරතාව සඳහා වූ දෙවිදුහල් අතර වයස අවුරුදු 19 න් පහළ පැසි පන්දු තරගය ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත්තේ ය.
එම තරගයේදී වෙනුජ ගම්ලත් විසින් කොළඹ රාජකීය විද්‍යාලයට නායකත්වය ලබා දුන් අතර කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල් කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේ චෙවාන් ද කොස්තායි.
ආරම්භයේ සිටම වැඩි දක්ෂතාවක් දැක්වූ රාජකීය ක්‍රීඩකයින් තරගයේ පළමු කාර්තුව අවසානයේ පෙරමුණ හිමිකර ගත්තේ ලකුණු 14 ට 6 ක් ලෙසයි.
රාජකීය ක්‍රීඩකයෝ තරගයේ පළමු අර්ධය අවසානයේ ලකුණු 28 ට 19 ක් ලෙස පෙරමුණ හිමිකර ගත්හ.
ප්‍රේක්ෂකයින් විශාල පිරිසක් ඉදිරියේ පැවැති තරගයේ තුන්වන කාර්තුව අවසානයේ රාජකීය ක්‍රීඩකයින් පෙරමුණ හිමිකර ගත්තේ ලකුණු 41 ට 27 ක් ලෙසයි.
තරගයේ පුරාම සිය ආක්‍රමණශීලි ක්‍රීඩා විලාසයක් අනුගමනය කළ රාජකීය ක්‍රීඩකයින් තරගයේ නියමිත කාලය අවසානයේ ලකුණු 59 ට 47 ක් ලෙස තරගයේ ජය හිමිකර ගත්තේ ය.
තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය හිමි වූයේ, කොළඹ රාජකීය විද්‍යාලයේ ජනිදු සමරනායකටයි.
https://www.facebook.com/NewsfirstSL/videos/494942521287717/