19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අද ඇරඹේ

19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අද ඇරඹේ

by Staff writer 05-09-2019 | 6:36 AM
COLOMBO (News 1st) : රටවල් 8ක් සහභාගී වන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේදී අද ආරම්භ වේ. ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය සහ කුවේට් යන කණ්ඩායම් මූලික වටයේ තරග කාණ්ඩ 2කින් ආරම්භ වන අතර ඒ කාණ්ඩයට ඇතුළත්ව සිටී. බී කාණ්ඩයට බංග්ලාදේශය, එක්සත් අරාබි එමීර්, නේපාලය සහ සත්කාරක ශ්‍රී ලංකාව ඇතුළත් ය අද දිනයේදී තරග දෙකක් පැවැත්වීමට නියමිතයි. ඒ අනුව ඉන්දියාව සහ කුවේටය අතර පළමු තරගය කොළඹ සී.සී.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වේ ඇෆ්ගනිස්තානය සහ නේපාලය අතර අනෙක් තරගය පැවැත්වෙන්නේ කොළඹ පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදීයි. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය නේපාලයට එරෙහිව කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී හෙට පැවැත්වේ. ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන්නේ වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයේ නිපුන් ධනංජයයි.