ක්‍රිකට් විධායක කමිටු නිලධාරීන් කෝප් කමිටුව හමුවට

ක්‍රිකට් විධායක කමිටු නිලධාරීන් කෝප් කමිටුව හමුවට

by Staff writer 03-09-2019 | 9:01 AM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු නිලධාරීන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවේ අද පෙනී සිටීමට නියමිතයි. රාජ්‍ය ආයතන නවයක් විමර්ශනයට කැඳවීම යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ට අද පස්වරු 3.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී කෝප් කමිටුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2016 වසරේ මූල්‍ය වාර්තාවල ඇතැම් ගනුදෙනු පිළිබඳව විමසීමට මෙම කැඳවීම කර ඇති බව සඳහන් ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා ඇතුළු විධායක කමිටු සාමාජිකයන් කිහිපදෙනකු කෝප් කමිටුව හමුවේ පෙනී සිටීමට සූදානමින් සිටින බව වාර්තා වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත සහ භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහ යන මහත්වරු ද මේ අවස්ථාවට එක්වීමට නියමිතයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සහ උප සභාපති රවීන් වික්‍රමරත්න යන මහත්වරු මේ වන විට විදේශගතව සිටිම හේතුවෙන් ඔවුන් දෙදෙනාට මේ සඳහා සහභාගී වීමට අවස්ථාවක් හිමි නොවේ. කෝප් කමිටුවේ සභාපති ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව රැස්වීමට නියමිතයි.