මිහින්තලයේ නිවසකින් මත්ගුලි පෙට්ටි 700ක් සොයා ගැනේ

මිහින්තලයේ නිවසකින් මත්ගුලි පෙට්ටි 700ක් සොයා ගැනේ

by Staff writer 26-08-2019 | 9:44 AM
COLOMBO (News 1st) - අනුරාධපුර මිහින්තලය පොලිස් වසමේ මාතලේ හන්දිය සමගිපුර ප්‍රදේශයේ නිවසක සිදු කළ වැටලීමකදී මත්ගුලි පෙට්ටි 700ක් වටලා තිබේ. මිහින්තලය පොලීසිය පවසන්නේ, මෙම මත්ගුලි පෙට්ටි කිලෝග්‍රෑම් දහයාමාරක් බර බවත් වටිනාකම රුපියල් 140,000ක් බව ය. 27 හැවිරිදි සැකකරු නිවසේ සිටම අලෙවි කිරීම් කරන අතර මිහින්තලය පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙරේදා සවස ඔහුගේ නිවසේ සිටියදී ය. ඊයේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 28 වන දා දක්වා සැකකරු රක්ෂිත බන්ධනගාරගත කර තිබේ.