by Staff writer 11-08-2019 | 8:31 AM
COLOMBO (News st) : ඉංග්‍රීසි ගුරුවරුන්ගේ දැනුම පරීක්ෂා කරන ඇගයීම් වැඩසටහනක් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඉංග්‍රීසි ගුරුවරුන්ගේ දැනට තිබෙන භාෂා කුසලතාව හඳුනාගෙන ඒවා සංවර්ධනය කිරීම වැඩ සටහනේ අරමුණයි.
මේ යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස බ්‍රිතාන්‍ය ආයතනයක් සමග එක්ව දිවයිනේ පළාත් 9 ම ආවරණය වන පරිදි ඉංග්‍රීසි ගුරුවරුන්ගේ දැනුම online ක්‍රමයට පරීක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
නියමු ව්‍යාපෘතියට තෝරාගෙන ඇති ගුරුවරුන් සංඛ්‍යාව 500 කි.
අදියර කිහිපයක් යටතේ දිවයිනේ සෑම ඉංග්‍රීසි ගුරුවරයෙකුගේම දැනුම පරීක්ෂා කිරීම මේ යටතේ සිදුකෙරනු ඇති.
අමාත්‍යාංශය සඳහන් කළේ, පසුගිය කාලයේ කරන ලද සමීක්ෂණයකදී ඇතැම් ඉංග්‍රීසි ගුරුවරුන් නියමිත සාධන මට්ටම්වල නොසිටින බවට තොරතුරු වාර්තා වී ඇති බවයි.
ඒ අනුව ඔවුන්ගේ දැනුම පරීක්ෂා කිරීමෙන් අනතුරුව අවම ප්‍රවීණතා මට්ටමක් තීරණය කර එය ඉක්මවන ගුරුවරුන් සඳහා දිරි දීමනාවක් ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසී ය.
වැඩපිළිවෙලේ මීළඟ අදියර යටතේ සිංහල හා දෙමළ භාෂා ගුරුවරුන්ගේ ද දැනුම පරීක්ෂා කිරීමට සැලසුම් කර තිබේ.