by Staff writer 11-08-2019 | 8:59 AM
COLOMBO (News 1st) : පමුණුගම, පල්ලියවත්ත ප්‍රදේශයෙන් මුහුදු ගොස් අතුරුදන්වූ ධීවරයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ.
ඒ නාවික හමුදාව කළ මෙහෙයුම්වලදීයි.
ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්යක්ෂ පත්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ, අතුරුදන්වූ අනෙක් ධීවරයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.
ඔවුන් ගමන් ගත් යාත්‍රාවක ගල් පරයක ගැටීමෙන් මෙම අනතුර සිදුව අති බව පත්මප්‍රිය තිසේරා මහතා පැවසී ය.
මේ අතර අධික සුළං සහිත කාලගුණය හේතුවෙන් ආරබි හා බෙංගාල බොක්ක මුහුදේ ධීවර කටයුතුවල යෙදීමෙන් තවදුරටත් වළකින ලෙස ධීවර දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ පත්මප්‍රිය තිසේරා මහතා දැනුම් දෙයි.
වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 -65 දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා සඳහන් කළේ, අද රාත්‍රීය වන තෙක් එම තත්ත්වය පැවතිය හැකි බවයි.