by Staff writer 10-08-2019 | 6:36 AM
COLOMBO (News 1st) : මේ දිනවල ජනතාව අතර ශීඝ්‍රයෙන් අක්ෂි රෝගයක් ව්‍යෘප්ත වෙමින් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
ජාතික අක්ෂි රෝහලේ, අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මුදිතා කුලතුංග මහත්මිය පැවසුවේ වෛරසයකින් ව්‍යාප්ත වන මෙම රෝගය අධික උෂ්ණත්වයත් සමග ජනතාව අතර පැතිරෙමින් යන බවයි.
සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් රෝග ව්‍යාප්තිය වළක්වා ගත හැකි බව විශේෂඥ වෛද්‍ය මුදිතා කුලතුංග මහත්මිය පෙන්වා දෙන්නී ය.