දෙවන ටෙස්ට් තරගයට එංගලන්ත සංචිතය නම් කෙරේ

අළු බදුන දෙවන ටෙස්ට් තරගය සඳහා එංගලන්ත සංචිතය නම් කෙරේ

by Staff writer 10-08-2019 | 1:08 PM
COLOMBO (News 1st) : අළු බදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය සඳහා සහභාගී වන එංගලන්ත සංචිතය නිවේදනය කර තිබේ. ජෝ රූට්ගේ නායකත්වයෙන් යුත් එංලන්ත සංචිතයට ක‍්‍රීඩකයෝ 12 දෙනෙක් ඇතුළත් වෙති. මොයීන් අලී මෙම සංචිතය සඳහා ඇතුළත්ව නොතිබීම විශේෂත්වයකි. ඔහු වෙනුවට සංචිතයට කැඳවා ඇත්තේ දග පන්දු යවන ක‍්‍රීඩක ජැක් ලීච් ය. එංගලන්ත සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම් අතර පැවැත්වෙන අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලබන බදාදා ලොඩ්ස්හිදී පැවැත්වීමට නියමිතයි.