නවසීලන්ත තරගාවලියට හතුරුසිංහ එපා

නවසීලන්ත තරගාවලියට හතුරුසිංහ එපා - ක්‍රීඩා ඇමති

by Staff writer 05-08-2019 | 7:07 PM

COLOMBO (News 1st) - නවසීලන්තය සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතා යොදා නොගන්නැයි තමා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දුන් බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

අද පස්වරුවේ ක්‍රීඩා අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.