by Staff writer 31-07-2019 | 10:06 PM
COLOMBO (News 1st) : බංග්ලාදේශය සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාව 3 ට 0 ක පූර්ණ ජයක් අද වාර්තා කළේ ය.
ඒ, කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ අද පැවති අවසන් තරගය ලකුණු 122 කින් ජය ගනිමිනි.
2015 වසරේ නොවැම්බර් මාසයෙන් පසු ශ්‍රී ලංකාව මෙරටදී එක්දින තරගාවලියක් මේ ආකාරයට ජය ගත් පළමු අවස්ථාව මෙයයි.
කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය.
දිමුත් කරුණාරත්න සහ අවිශ්ක ප්‍රනාන්දු අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 13 කට සීමා වු අතර අවිශ්ක ලකුණු 6 කට දැවී ගියේ ය.
දිමුත් ලකුණු 46 කට දැවී ගිය අතර කුසල් ජනිත් ලකුණු 42ක් රැස් කළහ.
16 වැනි අර්ධ ශතකය වාර්තා කළ කුසල් මෙන්ඩිස් ලකුණු 54 ක් රැස් කළේ ය.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඇන්ජලෝ මැතිව්ස් 40 වැනි අර්ධ ශතකය වාර්තා කරමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 87කි.
දසුන් ශානක ලකුණු 30 ක් රැස් කළේ ය.
ශ්‍රී ලංකාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 294 ක් රැස් කළේ ය.
ශෆියුල් ස්ලාම් සහ සෞම්‍ය සාකර් කඩුලු 3 බැගින් දවා ගත්තේ ය.
ලකුණු 295 ක ඉලක්කය වෙනුවෙන් පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ මුල් කඩුලු 5 ලකුණු 83 කදී බිඳ වැටිණ.
සෞම්‍ය සාකර් අද 11 වැනි අර්ධ ශතකය වාර්තා කළේ ය. .
හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකරට උපහාර පිණිස මෙම තරගය කුලසේකර වෙනුවෙන් නම් කර තිබිණ.