"රෝහිත් සමග කිසිදු ගැටලුවක් නැහැ" - විරාත් කෝලි

"රෝහිත් සමග කිසිදු ගැටලුවක් නැහැ" - විරාත් කෝලි

by Staff writer 30-07-2019 | 8:16 AM
COLOMBO (News 1st) : ඉන්දීය එක්දින ක්‍රිකට් කණ්ඩායමේ උප නායක රෝහිත් ශර්මා සහ තමන් අතර කිසිදු ගැටලුවක් නොමැති බව ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි පවසයි. ඔහු මේ බව පැවසුවේ, තමා සහ ඉන්දීය එක්දින ක්‍රිකට් උප නායක රෝහිත් ශර්මා අතර මතභේදකාරී තත්ත්වයක් පවතින බවට පළ වූ ඇතැම් මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර දක්වමිනි. මුම්බායිහිදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කෝලි ප්‍රකාශ කළේ, තමා සෑම අවස්ථාවකදීම රෝහිත් ශර්මාගේ දක්ෂතා අගය කරන බවයි. තමා සහ ශර්මා අතර කිසිදු ගැටලුවක් නොමැති බවත් ඔහු එහිදී සඳහන් කළේ ය. ඔහු එහිදී පෙන්වා දුන්නේ කණ්ඩායම ජයග්‍රහණ කරා රැගෙන යාමට සියලු දෙනාම එකමුතුව කටයුතු කළ යුතු බවයි. කණ්ඩායමේ සාමාජිකයන් අතර ගැටලු ඇති කිරීමට මෙවන් සාවද්‍ය ප්‍රකාශ ප්‍රචාරය කරන බව ඉන්දීය ක්‍රිකට් නායකයා එහිදී සඳහන් කළේ ය. මේ අතර අයි.සී.සී ටෙස්ට් ශුරතාවලියේ ඉන්දීය කණ්ඩායම සහභාගී වන පළමු තරගය ලබන 22 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ආරම්භ වීමට නියමිතයි. කණ්ඩායම එම තරගාවලිය කෙරෙහි වැඩි අවධානයකින් කටයුතු කළ යුතු බවට කෝලි පෙන්වා දෙන්නේ ය.