සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව අද තරග බිමට

නෙට්බෝල් ලෝක කුසලානය: සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව අද තරග බිමට

by Staff writer 12-07-2019 | 2:18 PM
COLOMBO (News 1st) - 2019 නෙට්බෝල් ලෝක කුසලාන තරගාවලිය එංගලන්තයේ ලිවර්පූල්හිදී අද ආරම්භ වේ. මෙවර තරගාවලියට රටවල් 16ක් තරග කරන අතර ශ්‍රී ලංකාව ද ඊට ඇතුළත් ය. නෙට්බෝල් ලෝක කුසලාන තරගාවලියේ මූලික වටය කාණ්ඩ 4ක් යටතේ ක්‍රියාත්මක අතර ශ්‍රී ලංකාව එහිදී A කාණ්ඩයෙන් තරග කරයි. එම කාණ්ඩයට ඇතුළත් සෙසු කණ්ඩායම් වන්නේ ඔස්ට්‍රේලියාව, උතුරු අයර්ලන්තය සහ සිම්බාබ්වේ යි. ආසියානු ශූරයින් වන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී සිම්බාබ්වේ කණ්ඩායම සමග පළමු තරගයට සහභාගී වේ.