ධර්මසේන සහ රංජන් මඩුගල්ල අවසන් මහා තරගයට

අවසන් තරගයේ විනිසුරුවරුන් සහ තරග තීරක නම් කෙරේ

by Staff writer 12-07-2019 | 6:42 PM

COLOMBO (News 1st) - මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ විනිසුරුවරුන් සහ තරග තීරකවරුන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ලබන ඉරිදා එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ඒ, සත්කාරක එංගලන්තය සහ නවසීලන්තය අතරයි. අවසන් මහා තරගයේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන්නේ, ශ්‍රී ලංකා කුමාර් ධර්මසේන සහ දකුණු අප‍්‍රිකාවේ මරායස් අරෑස්මස් ය. ශ‍්‍රී ලංකාවේ රංජන් මඩුගල්ල අවසන් මහා තරගයේ තරග තීරකවරයා ලෙස කටයුතු කරයි.