V-Force ක්‍රිකට් චැලේන්ජ් ශූරතාව

V-Force ක්‍රිකට් චැලේන්ජ් ශූරතාව මට්ටක්කුලිය සසෙක්ස් කණ්ඩායමට...

by Staff writer 30-06-2019 | 10:46 PM
COLOMBO (News 1st) : මට්ටක්කුලිය සසෙක්ස් කණ්ඩායම ''වී ෆෝර්ස් ක්‍රිකට් චැලේන්ජ් ට්‍රෝෆි ටූ තවුසන්ඩ් නයින්ටීන්'' ක්‍රිකට් තරගාවලිය ජය ගත්තේ ය. එය සංවිධානය කළේ කොම්පඤ්ඤවීදිය ෆ්ලෑෂර්ස් ක්‍රීඩා සමාජය සහ වී ෆෝර්ස් එක්වයි. කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රීඩා සමාජ 16ක් සහභාගී වූ තරගාවලිය පැවැත්වුණේ කොළඹ මුවර්ස් ක්‍රීඩාංගණයේදීයි. උදෑසන තරගාවලිය ආරම්භ වූයේ සමාරම්භක උත්සවයකින් අනතුරුවයි. මෙම තරගාවලියේදී ශූරතා කුසලානයට අමතරව දක්ෂතම නායකයා, දක්ෂතම දිරිගන්වන්නා, දක්ෂතම සහායකයා වැනි විශේෂ සම්මාන කිහිපයක්ද ප්‍රදානය කෙරිණ. ඔවුන්ට පිරිනැමුණු සම්මාන සහ පදක්කම් සියල්ල දැවයෙන් සකස්කර තිබීම විශේෂත්වකි. මෙරට ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයින්, පුහුණුකරුවන් ඇතුළු පිරිසක්ද තරගාවලියට එක් වන කණ්ඩායම් දිරි ගැන්වීමට පැමිණ සිටියහ. මුවර්ස් ක්‍රීඩාංගණයට පැමිණි පිරිස වෙනුවෙන් විනෝදාත්මක අංග, වයි එෆ්.එම් ඩීජේ සංදර්ශන ඇතුළු විශේෂාංග ද සංවිධානය කර තිබිණ. තරගාවලියේ මූලික වටයෙන් පසුව අවසන් පූර්ව වටය සහ අවසන් තරගය පැවැති අතර අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ සෙන්පුර ලයන්ස් සහ මට්ටක්කුලිය සසෙක්ස් කණ්ඩායම්. එම තරගය ජයගත් මට්ටක්කුලිය සසෙක්ස් කණ්ඩායමට ගම්මැද්ද වී ෆෝර්ස් ක්‍රිකට් චැලේන්ජ් ශූරතාව හිමි විය. https://www.facebook.com/NewsfirstSL/videos/475137039927635/