ලංගමට චීනෙන් සුඛෝපභෝගී බස්...

ලංගමට චීනෙන් සුඛෝපභෝගී බස්...

by Staff writer 27-06-2019 | 8:30 PM
COLOMBO (News 1st) : අධිසුඛොපබෝගී බස් රථ 09 ක් අද ලංකා ගමනා ගමන මණ්ඩලයට භාරදුන්නේ ය. නව බස් රථ සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 153.9 කි. අධි සුඛොපබෝගී බස් රථ දිවියිනේ ඩිපෝ 07 ක ධාවනය සදහා එක් කිරීමට නියමිතයි . මෙම බස්රථ මගී ආරක්ෂක අංග, වායු සමනය හා ආරක්ෂක කැමරා පද්ධතියක් ඇතුලු පහසුකම් රැසකින් සමන්විතයි. මෙහිදී අදහස් දක්වමින් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ, බස් 2000 ක් ගෙන්වීමට සැලසුම් කර ඇති බවයි.
"අපි තාම පුරුදු වෙලා ඉන්නේ ලොරි චැසියක බස් එක හදලා මේ රටේ මිනිස්සුන්ව පාරට දාන්න.මේ තත්ත්වය තමයි දැන් වෙනස් කරන්න දැන් ඒකේ එක ප්‍රතිපලයක් විදහට තමයි අද මේ බස් ඇණිය ලංගමට ලබා දෙන්නෙ. දැනට අපි බස් 2000 ක් ගෙන්න සැළසුම් කරලා තියෙන්නේ.." https://www.youtube.com/watch?v=YH_cs3_sKwk