කොදෙව්වවන් පරදා ඉන්දීය කණ්ඩායමට ලකුණු 125 ක ජයක්

කොදෙව්වවන් පරදා ඉන්දීය කණ්ඩායමට ලකුණු 125 ක ජයක්

by Staff writer 27-06-2019 | 10:26 PM
COLOMBO (News 1st) : ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග අද පැවති තරගය, ඉන්දිය කණ්ඩායම ලකුණු 125 කින් ජය ගත්තේ ය. මැන්චෙස්ටර්හිදී පැවති මෙම තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 269 ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් කණ්ඩායමට, පන්දුවාර 34 යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 143 ක් පමණි. කාසියේ වාසිය දිනු ඉන්දිය ක්‍රිකට් නායක විරාත් කෝලි පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ලෝකේෂ් රාහුල් සමගින් රෝහිත් ෂර්මා ඉනිම ආරම්භ කළහ. ෂර්මා ලකුණු 18 කට දැවී ගිය අතර රාහුල් ලකුණු 48 ක් රැස් කළේ ය. 53 වැනි අර්ධ ශතකය වාර්තා කළ නායක විරාත් කෝලි ලකුණු 72 ක් රැස් කළේ ය. මහේන්ද්‍ර සිං දෝනි 72 වැනි අර්ධ ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 56යි. කෙමාර් රෝච් කඩුලු 3 ක් දවා ගත් අතර ෂෙල්ඩන් කොට්රෙල් සහ නායක ජේසන් හෝල්ඩර් කඩුලු 2 බැගින් දවා ගත්හ. ඉන්දිය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 268 ක් රැස් කළේ ය. ජයග්‍රණය සඳහා ලකුණු 269 ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ මුල් කඩුලු 5 ලකුණු 98 කදී බිඳ වැටිණ. ක්‍රිස් ගේල් ලකුණු 6 කට දැවී ගිය අතර ශායි හෝප් ලකුණු 5 කට දැවී ගියේ ය. සුනිල් අම්බ්‍රිස් ලකුණු 31ක් රැස් කළ අතර නිකලස් පූරන් ලකුණු 28 කට දැවී ගියහ.