ඉන්දීය නායක කෝලිට ICC යෙන් දඩ...

ඉන්දීය නායක කෝලිට ICC යෙන් දඩ...

by Staff writer 23-06-2019 | 8:47 PM
COLOMBO (News 1st )අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල ආචාර ධර්ම උල්ලංඝනය කිරීම හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලිට දඩ නියම කර තිබේ. දඩ නියම කර ඇත්තේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග ඊයේ පැවැති තරගයේදී, විනිසුරු තීරණ නැවත සලකා බැලීමට දැඩි ලෙස ඉල්ලා සිටීම හේතුවෙනි. ඒ අනුව එම තරගය සඳහා කෝලිට හිමවන ගාස්තුවෙන් 25% ක් දඩ වශයෙන් නියම කර තිබේ. මේ සිද්ධිය සම්බන්ධව අදාළ තරගය විනිශ්චය කළ ඇලිම් ඩා විනිසුරුවරයා ඇතුළු දෙදෙනාම අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කර ඇතැයි සඳහන් ය. කරුණු විමසීමකදී ඉන්දිය ක්‍රිකට් නායක විරාත් කෝලි ආචාර ධර්ම කඩ කළේ යැයි, පිළිගෙන ඇති බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල නිල වෙබ් අඩවියේ දැක්වේ.