by Staff writer 15-06-2019 | 12:20 PM
COLOMBO (News 1st) - ගම්පහ දිස්ත්රික්යේ ක්රියාත්මක කළ විශේෂ වැටලීමකින් වරෙන්තුකරුවන් 155 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, ගම්පහ දිස්ත්රික්කයේ පොලිස්ථාන 36 ක නිලධාරීන් එක්ව ඊයේ රාත්රී මෙම විශේෂ මෙහෙයුම ක්රියාත්මක කළ බවයි.
එහිදී විවිධ වැරදි සඳහා පොලීසිය හා අධිකරණය මගහැර සිටි විවෘත වරෙන්තුකරුවන් 93 සහ දින වරෙන්තුකරුවන් 62 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.
ඔවුන් අද දිනයේ අදාළ ප්රදේශවල අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ.