by Staff writer 02-06-2019 | 8:17 AM
COLOMBO (News 1st) - අදින් වසර 48,000 කට පෙර මෙරට ජීවත් වූ මානවයින් සහල් පරිභෝජනය කර ඇති බවට සාක්ෂි රැසක් පාහියන්ගල ලෙන ආශ්‍රිතව කළ පර්යේෂණයකින් අනාවරණ වී තිබේ.
කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ අධ්යක්ෂ ආචාර්ය ටි.ආර්.ප්‍රේමතිලක මහතා සඳහන් කළේ, ඉන්දියාවේ පුන්ඩෙචෙරී විශ්වවිද්‍යාලය හා බ්‍රිතාන්‍යයේ ලිවර්ෆූල් විශ්වවිද්‍යාලය සමග ඒකාබද්ධව වසර 10 කට අධික කාලයක් පුරා කළ පුළුල් පර්යේෂණයකදී මේ බව අනාවරණ වූ බවයි.
මෙය මෙරට කෘෂිකර්මාන්තය හා මානව ජනාවාසකරණය පිළිබඳව අනභිභවනීය සොයා ගැනීමක් බව ද ඔහු සඳහන් කළේ ය.
ආචාර්ය ටී. ආර්. ප්‍රේමතිලක මහතා සඳහන් කළේ, සහල් පරිභෝජනය පිළිබඳව පැරණිම සාධක මෙරටින් හමුවීම විශේෂත්වයක් බවයි.
මේ පිළිබඳව තවදුරටත් පර්යේෂණ සිදු කරන බව ද ඔහු පැවසුවේ ය.