ඔයින් මෝගන්ට තරග තහනමක්

එංගලන්ත ක්‍රිකට් නායක ඔයින් මෝගන්ට තරග තහනමක්

by Staff writer 16-05-2019 | 12:20 PM

News 1st - එංගලන්ත ක්‍රිකට් නායක ඔයින් මෝගන්ට එක්දින ක්‍රිකට් තරගයක් තහනම් කර තිබේ.

ඒ, පකිස්ථානය සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයේදී නියමිත වේලාව තුළ අදාළ පන්දුවාර සංඛ්‍යාව යැවීමට අසමත්වීම හේතුවෙනි. එංගලන්තය සහ පකිස්ථානය අතර මේ දිනවල එක්දින ක්‍රිකට් තරගාවලියක් ක්‍රියාත්මක වේ. ඒ, එලැඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙරහුරුවක් ලෙසයි. එහි තෙවැනි තරගය පසුගිය අඟහරුවාදා පැවැති අතර එංගලන්ත නායක ඔයින් මෝගන්ට නියමිත කාලය තුළ අදාළ පන්දුවාර සංඛ්‍යාව යවා අසමත් වූ බවට චෝදනා එල්ල වූයේ එම තරගයේදී ය. ඒ අනුව ඔහුට එක්දින ජාත්‍යන්තර තරගයක් තහනම් කර ඇති අතර තරග ගාස්තුවෙන් 40% ක මුදලක් දඩ ලෙස නියම කර තිබේ. පකිස්ථාන - එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය සිකුරාදා පැවැත්වීමට නියමිත ය. ඒ අනුව ඔයින් මෝගන්ට එම තරගය අහිමි වනු ඇති.