පුද්ගලික අධ්‍යාපන ආයතනවලට නියාමන වැඩපිළිවෙලක්

සියලු පුද්ගලික අධ්‍යාපන ආයතනවලට නියාමන වැඩපිළිවෙලක්

by Staff writer 10-05-2019 | 8:37 AM
පෞද්ගලික උපකාර පන්ති ද ඇතුළු සියලු පෞද්ගලික අධ්‍යාපන ආයතන නියාමන වැඩපිලිවෙලක් සකස් කරන ලෙස ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් අධ්‍යාපන අමාත්‍යංශයට දැනුම් දී තිබේ. ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති එච්. එම්. අබේරත්න මහතා සදහන් කළේ එවැනි ආයතනවල ප්‍රමිතිය හා ළමුන්ගේ අයිතිවාසිකම් කඩවීම පිලිබදව සලකා බලා මේ තීරණයට එළඹි බවයි. විශාල පරිමාණයෙන් සිදුකරන උපකාරක පන්තිවල දී දරුවන්ගේ මූලික අයිතිවාසිකම් හෝ සපුරා ගැනීමේ හැකි තත්වයක් නොමැති බවත්, ඇතැම්  දරුවන් අපචාර සඳහා ද යොමුවීමට නියාමනයක් නොමැතිව ක්‍රියාත්මක වීම බලපෑමක් ඇති කර තිබේ. මෙවන් හේතු මත,  දරුවන් අධ්‍යාපනය ලබන ඕනෑම අධ්‍යාපන ආයතනයක් නියාමනයට යටත් කිරීම අනිවාර්යයෙන් සිදුකළ යුතු බව ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.