ශ්‍රී ලංකා - ස්කොට්ලන්ත කාල සටහන එළිදකී

ශ්‍රී ලංකා - ස්කොට්ලන්ත කාල සටහන එළිදකී

by Staff writer 09-05-2019 | 9:40 AM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ස්කොට්ලන්ත තරග සංචාරයේ කාල සටහන එළි දක්වා තිබේ. මෙම තරගාවලිය පැවැත්වෙන්නේ ලෝක කුසලාන තරගාවලියට පෙරහුරුවක් ලෙසයි. ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර මෙම තරගාවලියට එක්දින තරග 2ක් ඇතුළත් වේ. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඊට සහභාගී වීමට කණ්ඩායම ලබන 16 වන දා එංගලන්තයේ සිට ස්කොට්ලන්තය බලා පිටත්වීමට නියමිත බවයි. දෙරට අතර තරගාවලියේ පළමු තරගය ලබන 18 වැනිදා එඩින්බරෝහිදී පැවැත්වේ. දෙවැනි තරගය පැවැත්වෙන්නේ ලබන 21 වැනිදායි. එම තරගය ද එඩින්බරෝහිදී පැවැත්වීමට නියමිතව තිබේ. අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 22 වන දා නැවතත් එංගලන්තය බලා පැමිණීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ එංගලන්තට පිටත්ව ගියේ ය.