by Staff writer 04-05-2019 | 8:15 AM
COLOMBO (News 1st) - ඔලිම්පික් ශූරී දකුණු අප්‍රිකාවේ කාස්ට සෙමෙන්යා මෙවර දෝහා ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 800 කාන්තා ධාවන තරගය ජය ලබා ගෙන තිබේ.
මිනිත්තුවයි තත්පර 54.98 ක කාලයක් සටහන් කළ ඇය තරගය ජය ගත්තේ නව තරගාවලි වාර්තාවක් ද සමගිනි.
සෙමෙන්යා මෙම තරග ජයග්‍රහණය ලබා ගත්තේ, ක්‍රීඩිකාවන්ගේ හෝමෝන මට්ටම සම්බන්ධයෙන් අන්තර් ජාතික මලල ක්‍රීඩා සම්මේලනය පැනවූ නව නීතිරීතිවලට එරෙහිව ජාත්‍යන්තර ක්‍රීඩා බේරුම්කරණ අධිකරණයට තමා යොමු කළ අභියාචනය ද ප්‍රතික්ෂේපවීමෙන් අනතුරුවයි.
ලබන 8 වැනි දා සිට ක්‍රියාත්මකවීමට නියමිත මෙම නව නීතිරීතිවලට අනුව සෙමෙන්යා තවදුරටත් තරග බිමේ රැඳි සිටීමට නම් ඇගේ සිරුරේ හෝමෝන පාලනය කළ යුතුවේ.