MCC සභාපති ධුරයට සංගක්කාරගේ නම යෝජනා වෙයි

මෙරිලිබෝන් ක්‍රිකට් සභාපති ධුරයට සංගක්කාරගේ නම යෝජනා වෙයි

by Staff writer 01-05-2019 | 10:08 PM
COLOMBO (News 1st) : හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර, එංගලන්තයේ මෙරිල්බෝන් ක්‍රිකට් සමාජයේ සභාපති තනතුරට යෝජනා වී ඇතැයි වාර්තා වේ. මේ බව අනාවරණය වී ඇත්තේ, අද පැවැති මෙරිලිබෝන් ක්‍රිකට් සමාජ වාර්ෂික මහා සභා රැස්වීමේදීයි. ලබන ඔක්තෝබර් මාසයේදී මෙම පත්වීම සිදු කිරීමට නියමිතව තිබේ. එසේ වුවහොත් මෙරිලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති තනතුරට තේරී පත් වූ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු නොවන පළමුවැන්නා වන්නේ, කුමාර් සංගක්කාරයි.