ශ්‍රී ලංකා පාකිස්ථාන යොවුන් තරගාවලිය අවලංගු වෙයි

ශ්‍රී ලංකා පාකිස්ථාන යොවුන් ක්‍රිකට් තරගාවලිය අවලංගු වෙයි

by Staff writer 28-04-2019 | 8:14 AM

COLOMBO (News 1st) - රට තුළ උද්ගතව ඇති තත්ත්වය සලකා බලමින් පාකිස්ථාන වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය දින නියමයක් නොමැතිව කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

මෙම තරග සංචාරයේ දී ටෙස්ට් ක්‍රිකට් තරග දෙකක් හා එක්දින ක්‍රිකට් තරග තුනක් පැවැත්වීමට නියමිතව තිබුණි. තරගාවලිය ආරම්භවීමට නියමිතව තිබුණේ, ලබන මැයි මස 3 වැනි දායි. ඊට සහභාගී වන පාකිස්ථාන වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් කණ්ඩායම අනිද්දා මෙරටට පැමිණීමට නියමිතව තිබුණි. පාකිස්ථානු ක්‍රිකට් ආයතනය ද තරගාවලිය අවලංගු කිරීම සම්බන්ධයෙන් සුබවාදී ප්‍රතිචාරයක් දක්වා තිබේ. ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරණ මීළඟ ජාත්‍යන්තර තරගාවලිය ලබන ජුනි මාසයේදී නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතයි. නවසීලන්ත ක්‍රිකට් බලධාරීන් එම සංචාරය පිළිබඳව නැවත සලකා බැලීමට තීරණය කර ඇතැයි පසුගිය දා නිවේදනය කර තිබේ.