ලෝක කුසලානයට තරග කරන ඔස්ට්‍රේලියා සංචිතය මෙන්න

ලෝක කුසලානයට තරග කරන ඔස්ට්‍රේලියා සංචිතය මෙන්න

by Staff writer 15-04-2019 | 7:33 AM
COLOMBO (News 1st) : එළඹෙන 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු සංචිතය නිවේදනය කර තිබේ. එම සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් වෙති. පන්දුව පළුදු කිරීමේ චෝදනාවට තරග තහනමට ලක්ව සිටි හිටපු නායක ස්ටීවන් ස්මිත් හා හිටපූ උප නායක ඩේවිඩ් වෝනර් යළි ඔස්ට්‍රේලියානු සංචිතයට කැඳවා තිබේ. ලෝක කුසලානයට ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු සංචිතයේ නායකත්වය හිමිව ඇත්තේ ආරම්භක පිතිකරු එරොන් ෆින්ච්ටයි. ජේසන් බෙහෙරෙන්ඩොෆ් , ඇලෙක්ස් කේරි , නේතන් කෝලට්ර නයිල් , පැට් කමින්ස් , උස්මන් කාවාජා , නේතන් ලයන් , ශෝන් මාෂ් , ග්ලේන් මැක්ස්වෙල් , ජායි රචඩ්සන් , මිචෙල් ස්ටාක් , මාකස් ස්ටොයිනිස් හා ඇඩම් සැම්පා එළඹෙන 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවිලයට නම් කළ ඔස්ට්‍රේලියානු සංචිතයේ අනෙකුත් ක්‍රීඩකයෝ වෙති. කෙසේ වෙතත් වර්තමානයේ ඔස්ට්‍රේලායානු එක්දින කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා දැක්වු පීටර් හැන්ඩ්ස්කොම්බ් හා ජොෂ් හැසල්වුඩ්ට හෙවර ඔස්ට්‍රේලායානු ලෝක කුසලාන සංචිතයේ ස්ථානය හිමි නොවීම විශේෂත්වයකි. ඇශ්ටන් ටර්නර් , මැතිව් වේඩ් හා ඩාර්සි ශෝට්ටද මෙවර ලොක කුසලාන සංචිතයේ ස්ථානයක් හිමිව නොමැත.