Sports 1st - Allianz ප්ලැටිනම් සම්මාන රාත්‍රිය ඇරඹේ

by Staff writer 29-03-2019 | 7:42 PM

COLOMBO (News 1st) - ශක්තිය සහ විචිත්‍රත්වය සුසංයෝජනය කරමින් විශිෂ්ටත්වයට උපහාර පිරිනැමෙන තව ත් සොඳුරු රාත්‍රියක් අද උදා විය.

ඒ, ස්පෝර්ට්ස් ෆස්ට් - අලියාන්ස් ප්ලැටිනම් සම්මාන උළෙලයි. ප්ලැටිනම් සම්මාන උළෙල මේ වන විට රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වේ. මෙහිදී අතිදක්ෂ ක්‍රීඩා තරු රැසක් සම්මානයට පාත්‍ර වීමට නියමිත ය.