2018 ප්ලැටිනම් සම්මානය ලූෂන් පුෂ්පරාජ්ට

Sports 1st - Allianz ප්ලැටිනම් සම්මාන උළෙලේ ලූෂන් පුෂ්පරාජ් ජනප්‍රියතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගනී

by Staff writer 29-03-2019 | 10:16 PM

COLOMBO (News 1st) - ශක්තිය සහ විචිත්‍රත්වය සුසංයෝජනය කරමින් විශිෂ්ටත්වයට උපහාර පිරිනැමෙන සොඳුරු රාත්‍රිය...

ඒ, ස්පෝර්ට් ෆස්ට් - අලියාන්ස් ප්ලැටිනම් සම්මාන රාත්‍රියයි. එය අද පස්වරුවේ රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී ආරම්භ විය. මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා ඇගයීමේ අරමුණින් ස්පෝර්ට් ෆස්ට් සහ අලියාන්ස් ආයතනය මෙම සම්මාන උළෙල සංවිධානය කළේ ය. මෙරට රූපවාහිනී ඉතිහාසයට නැවුම් අත්දැකීම් එක් කළ මේ උළෙලට සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක් සහභාගි වුණේ දේශීය ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ඇති කැපවීම පෙන්නුම් කරමිනි. උත්සවය අතරතුර ප්ලැටිනම් සම්මානය වේදිකාගත කෙරුණි. විචිත්‍රාංග රැසකින් ප්ලැටිනම් සම්මාන උළෙල වර්ණවත් විය. 2017 වසරේ දෙසැම්බර් සිට 2018 වසරේ දෙසැම්බර් දක්වා මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දේශිය හා ජාත්‍යන්තර දක්ෂතා මෙවර ප්ලැටිනම් සම්මාන උළෙලේදී ඇගයීමට ලක් කෙරුණි. ප්‍රධාන සම්මාන 20 ක් සහ ඇගයීම් පදක්කම් 10 ක් මෙන්ම, ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන සුවිශේෂි ප්ලැටිනම් සම්මානය ද මෙවර ප්‍රදානය කෙරුණු අතර සම්මානලාභීන් තෝරා ගත් ජූරි සභික සාමාජිකයන්ට ද උපහාර තිළිණ පිරිනැමුණි. ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන සුවිශේෂි ප්ලැටිනම් සම්මානය හිමිවුයේ, ලොව වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාගත් දඟ පන්දුයවන්නා වන මුත්තයියා මුරලිදරන්ටයි. මෙවර ස්පෝර්ට්ස් ෆස්ට් - අලියාන්ස් ප්ලැටිනම් සම්මාන උළෙලේ ජනප්‍රියතම ක්‍රීඩකයාට හිම වන ප්ලැටිනම් සම්මානය දිනා ගත්තේ ලූෂන් පුෂ්පරාජ් ය. https://www.facebook.com/NewsfirstSL/videos/781062125608809/