by Staff writer 09-03-2019 | 4:27 PM
COLOMBO (News 1st) : කොළඹ රාජකීය විද්‍යාලය කඩුළු 7කින් පරාජය කරමින් වසර 12 කට පසු කොළඹ රාජකීය විද්‍යාලයට එරෙහි නිල් මහා සටන වාර්ෂික ක්‍රිකට් තරගය ජය ගැනීමට ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අද සමත් විය.
කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් රාජකීයන්ට සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 158 ක් පමණි.
අනතුරුව සිය පළමු ඉණිම සඳහා පිටියට පිවිසි ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩකයින් පන්දුවාර 39 ක් සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 296කි.
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය පළමු ඉණිමට වඩා ලකුණු 138 ක් පිටුපසින් සිය දෙවෙනි ඉනිම ඇරඹූ කොළඹ රාජකීයන්ට අද දිනයේදී සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 259ක් පමණි.
මේ අතර 1920 වසරේ පැවති නිල් මහා සටනේ දී රාජකීය විද්‍යාලයේ සී. ටී. වැන්ගේසල් විසින් උඩ පන්දු 6ක් රැක ගනිමින් තරගයකදී වැඩිම උඩ පන්දු සංඛ්‍යාවක් රැක ගත් ක්‍රීඩකයා ලෙසින් මෙතෙක් වාර්තා පොත් අතර සිටිය ද ශාන්ත තෝමස් කණ්ඩායාමෙ ශලින් ද මෙල් එම ස්ථානය හිමිකර ගත්තේ උඩ පන්දු 7ක් රැක ගනිමිනි.
කමිල් මිශාර ලකුණු 34 ක් රැස් කළ අතර අහාන් සන්චිත ලකුණු 26 ක් රැස් කළහ.
කලන පෙරේරා ලකුණු 102ට කඩුලු 3යි.
අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 122ක ඉලක්කයක් සදහා පිටියට පිවිසි ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යායීය ක්‍රීඩකයින් පන්දුවාර 20 ක් අවසානයේ කඩුළු 3 ක් පමණක් දැවී සිටියදී තරගය ජය ගත්තේ ඩී.එස් සේනානායක අනුස්මරණ පලිහ තමන් සතු කර ගනිමිනි.
සමස්ත තරගයේදී පන්දු යැවීමෙන් සහ පිතිකරුවෙකු ලෙස දක්ෂතා දැක්වූ ශාන්ත තෝමස් ක්‍රීඩක කලන පෙරේරා තරගයේ වීරයා විය.
ශාන්ත තෝමස් විද්‍යාලය මින් පෙර නිල් මහ සටන තරගය ජයගෙන ඇත්තේ 2007 වසරේදීයි.
https://www.youtube.com/watch?v=O_0sy0ZMLXc