මිතුරිය සමග දුම්රියට බිලි වූ සිසුවා...

මිතුරිය සමග දුම්රියට බිලි වූ සිසුවා...

by Staff writer 02-03-2019 | 1:04 PM

COLOMBO (News 1st) - කොළඹ කොටුව සිට ඇල්ල බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් තරුණයෙකු සහ තරුණියක අද පෙරවරුවේ මිය ගොස් තිබේ.

මෙම අනතුර සිදුවූයේ අද උදෑසන 9.10 ට පමණය. පොලීසිය සඳහන් කළේ, තරුණයෙකු සහ තරුණියන් දෙදෙනෙකු නාවලපිටිය දුම්රිය ස්ථානයට කිලෝමීටරයක් පමණ දුරින් දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිට ඇති බවයි. එක් තරුණියක් හා තරුණයෙකු දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිට ඇති අතර අනෙක් තරුණිය ජංගම දුරකතනයකින් කතා කරමින් ඔවුන්ට ඉදිරියෙන් ගමන් කර ඇත. එහිදී ඇල්ල දෙසට ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය දුටු තරුණයා තමා සමග සිටි තරුණිය දුම්රිය මාර්ගයෙන් ඉවතට තල්ලු කොට අනෙක් තරුණිය බේරා ගැනීමට උත්සහ කිරීමේදී මෙලෙස සීඝ්‍රගාමී දුම්රියේ ගැටී ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. අනතුරින් මියගියේ නාවලපිටිය දෙකිද ප්‍රදේශයේ පදිංචිව සිටි ලලංග හර්ෂ කුමාර සහ නාවලපිටිය ඉඹුල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටිව පියුමි භාග්‍ය නැමැති දෙදෙනායි. මිය යන විට ඔවුන් අවුරුදු 16 සහ 15 යන වයස්වල පසුවිය. ඔවුන්ගේ මෘත ශරීරයන් මේ වනවිට නාවලපිටිය රෝහලට ගෙන ගොස් ඇති අතර නාවලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කෙරෙනු ඇති.