20 වන ගුවන් හමුදා පාපැදි සවාරිය අද ඇරඹේ

by Staff writer 01-03-2019 | 7:52 AM
COLOMBO (News 1st) - 20 වන ගුවන් හමුදා පාපැදි සවාරිය අද ආරම්භ වේ. එය ක්‍රියාත්මක වන්නේ, ශ්‍රී ලංකා ගුවන් හමුදා 68 වන සංවත්සරයට සමගාමීව ය. අදියර 3ක් යටතේ මෙවර ගුවන් හමුදා පාපැදි සවාරිය ක්‍රියාත්මක කිරීමට නියමිත ය. කිලෝමීටර 414ක දුර ප්‍රමාණයක් ධාවනකරුවන් මෙම පාපැදි සවාරියේදී ගමන් කිරීමට නියමිත ය. මෙම පාපැදි සවාරියේ පළමු අදියර කොළඹ සිට මහනුවර දක්වා ක්‍රියාත්මක වේ. දෙවන අදියර මහනුවර සිට අනුරාධපුරය දක්වාත් 3 වන අදියර අනුරාධපුර සිට පොළොන්නරුව දක්වාත් ක්‍රියාත්මක ය. ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් දක්ෂතා දැක්වූ පාපැදි තරගකරුවන් 150කට අධික පිරිසක් මෙම පාපැදි සවාරිය සඳහා සහභාගී වේ.